කොළඹ කොටස් හුවමාරුවෙහි ක්රියාත්මක සියලු කොටස් මිල දර්ශක අගය ගණනය කිරීමේදී මෙතෙක් පැවති පූර්ණ වෙළෙඳපොළ ප්රාග්ධන පදනම වෙනුවට චලිත වෙළෙඳපොළ ප්රාග්ධන (Float Adjusted Market Capitalization) පදනම ආදේශ කිරීමට නොවැම්බර් මස 15 වැනි දින පැවති අධ්යක්ෂ මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිව තිබේ.
මෙය සියලුම අංශවල උපදේශනය සහිතව 2022 ජනවාරි මස සිට ක්රියාත්මක වීමට නියමිතව පවතී. මෙම නව ක්රමවේදය හා බලපැවැත්වෙන දිනය කොළඹ කොටස් හුවමාරුවෙහි වෙබ් අඩවියෙන් දැනුම් දෙනු ලැබේ.