රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30දා) මුදල් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙහිදී විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. ලෝක වෙළෙඳපොළෙහි සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස ඇති බවත්, ඊට ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය බලගැන්වීම සඳහා යොදාගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීම ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදුකළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදු වන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බව සඳහන් කළ සියඹලාපිටිය මහතා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට රජය සූදානම් බවයි. රජය මගින් විවිධ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවා දැමීමට තිබූ රු.බිලියන 360ක බිල්පත් ගෙවා දැමමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, තවත් ගෙවීමට ඇත්තේ රු.බිලියන 135ක බිල්පත් පමණක් බවද කියා සිටියේය.
ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය, පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන නියෝජනය කරමින් මෙම අවස්ථාවට නියෝජිතයෝ සහභාගී වූහ.