2019 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ වෙළෙඳ හිඟය 2018 අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා වූ එ.ජ.ඩොලර් මිලියන 713ට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 758ක් දක්වා පුළුල් වී තිබේ.
කෙසේ වෙතත්, සමුච්චිත වශයෙන් සැලකූ විට, 2019 වසරේ පළමු මාස 9 තුළදී වෙළෙඳ හිඟය 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා වූ එ.ජ.ඩොලර් මිලියන 7,953ට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 5,613ක් දක්වා එ.ජ.ඩොලර් මිලියන 2,341කින් අඩුවී ඇත.
පෞද්ගලික රථවාහන, රත්රන් හා ඉන්ධන ආනයන පහළ යෑමත්, රෙදිපිළි හා ඇඟලුම් අපනයන ඉහළ යෑමත් වෙළෙඳ හිඟය අඩුවීම සඳහා ප්රධාන වශයෙන් දායක වී තිබේ.