භූතානයේ තිම්පු නගරයේ ස්ථාපිත සාර්ක් සංවර්ධන අරමුදලේ (SDF) ස්ථිර ලේකම් කාර්යාලයේ පුරප්පාඩුව පවතින සහකාර අධ්යක්ෂ (නීති) තනතුර සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
සාර්ක් සාමාජික රටවල, සුදුසුකම්ලත් රටවැසියන්ට මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර, ඉහත තනතුරට යොමුකිරීමේ කොන්දේසි හා නියමිත අයදුම්පත සාර්ක් සංවර්ධන අරමුදලේ (SDF) වෙබ් අඩවිය වන www.sdfsec.org වෙතින් ඩවුන්ලෝඩ් කරගත හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම තනතුර සඳහා අයදුම් කරන අයදුම්කරුවන් තම අයදුම්පත, ජීව දත්ත පත්‍රිකාව, අධ්‍යාපන සහතිකවල පිටපත් සහ පළපුරුද්ද තහවුරු කරන ලිපි 2020 ජනවාරි 31 වැනි දින වනවිට [email protected] හා [email protected] වෙත ඊමේල් මගින් එවිය යුතුය.
සාර්ක් සංවර්ධන අරමුදලේ ප්‍රතිපාර්ශ්වීය ඒජන්සිය (Counterpart Agency) ලෙස සේවය කරනුයේ සෑම සාමාජික රටකම මුදල් අමාත්‍යාංශය විසිනි.