මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණ පෙරදැරිව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හා කොළඹ කොටස් වෙළෙඳ පොළ එක්ව අබණ්ඩව පස්වැනි වරටත් සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කිරීම පසුගිය 6දා සිදුකෙරිණි.
ලොව පුරා විවිධ කොටස් වෙළෙඳ පොළවල වාර්ෂිකව පැවැත්වෙන මෙවැනි සීනුව නාද කිරීමේ උත්සව හරහා ගෝලීය ආර්ථිකය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා නායිකාවන්, ව්‍යවසායිකාවන්, සේවිකාවන් ඇතුළු කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීමත්, ඒ සඳහා පෞද්ගලික අංශය පෙළඹවීමේත් වැදගත්කම ඉස්මතු කරයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික සහ සෞඛ්‍යය යන අංශවල කාන්තා සහභාගිත්වයේ වර්ධනයක් දක්නට ලැබුනද මෙරට ශ්‍රම බලකායෙහි කාන්තා සහභාගීත්වය 34%කි. කෙසේ වෙතත්, මෙම ආයතන දෙක මෑත කාලීනව කළ සමීක්ෂණවලින් හෙළිවී තිබුණේ කාන්තා අධ්‍යක්ෂකවරුන්ගේ සංඛ්‍යාවෙහි ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
2019 දී ලැයිස්තුගත සමාගම් අධ්‍යක්ෂකවරුන්ගෙන් 9.6% ක් කාන්තාවන් වූ අතර, එය 2018 දී 8.5%ක් සහ 2017දී 8.14%ක් විය.