ජාත්‍යන්තර සමුපකාර දිනය සෑම වසරකම ජූලි මස පළමු වැනි සෙනසුරාදා දිනයේදී සැමරෙන අතර, ඒ අනුව මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය 2018 ජූලි 07 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.
මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ වේබර් ක්‍රීඩාංගණයේදී බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍යාංශය පවසයි.
මෙවර පැවැත්වෙන 96 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනයේ තේමාව වන්නේ "තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය" යන්නයි.
මඩකලපුව නගරයේ පැවැත්වෙන මෙවර ජාත්‍යන්තර සමූපකාර දින උළෙලට සමූපකාරිකයන් 10,000 ක් පමණ සහභාගිත්වයක් අපේක්ෂා කෙරේ.
මීට සමගාමීව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව 2018 ජූලි 01 දා සිට 07 දා දක්වා සමූපකාර සතියක්ද ප්‍රකාශයට පත් කර තිබේ.
මේ සෑම දිනකම සමූපකාර සංවර්ධනයට අවශ්‍ය තේමාවක් ඔස්සේ සාකච්ඡා, දේශන දැනුම මිනුම් තරඟ ඇතුළු කතිකාවතක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බවත්, පාසල් සිසුන් සඳහාද සමූපකාරය ආශ්‍රිතව තරඟාවලියක් පැවැත්වෙන් අතර, ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උළෙලේදී ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට ත්‍යාග, සහතික හා සම්මාන පිරිනැමෙන බවත් සමූපකාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.