‘ආර්ටේනියා,’ ‘කොරල් ජියෝග්රැෆර්’ සහ ‘ද වල්ඩ්’ යන සංචාරක මගී නෞකාවන් 2023 ජනවාරි මාසයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු වී තිබේ.
ඒ ඔස්සේ වරායට පැමිණි 1,000කට වැඩි සංචාරකයින් පිරිස, දකුණු පළාතේ සංචාරක ස්ථාන වන මුල්කිරිගල විහාරස්ථානය, රුහුණු කතරගම මහා දේවාලය, උඩවලව ජාතික වනෝද්‍යානය, යාල ජාතික වනෝද්‍යානය සහ හම්බන්තොට කුරුළු උද්‍යානය නැරඹූහ.
ඊට අමතරව ඔවුහු හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලය, තංගල්ල වෙරළබඩ හෝටල් සහ හම්බන්තොට නගරයේද සංචාරය කළහ.
HIP උසස් ප්‍රමිතියේ ආරක්ෂිත ක්‍රියාපටිපාටීන් සහ නෞකා සඳහා ඉහළ ප්‍රමිතියේ සේවාවන් සපයන, හරිත වරායක් ලෙස ප්‍රසිද්ධියක් ලබා ඇති නිසා, සංචාරක නැව් ක්ෂේත්රය තුළ දිනෙන් දින ජනප්‍රිය වෙමින් පවතී.
MV Artaniaනෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලා ඇති අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

