ශ්‍රී ලංකාව වෙත සංචාරක පැමිණීම් 2018 වසරේ මැයි මාසයේදී, ඊට පෙර වසරේ මැයි මාසයේදී වාර්තා වූ 121,891ට සාපේක්ෂව 129,466ක් දක්වා 6.2%කින් වාර්ධනය වී තිබේ.
ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් 2018 මැයි මාසයේ සංචාරකයන් පැමිණි ප්‍රධාන මූලාශ්‍ර 5 වූ අතර, එම රටවලින් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව එම මාසයේ පැමිණි මුළු සංචාරකයන්ගෙන් 62%කි.
එමෙන්ම, වසරේ මුල් මාස 5 තුළ පැමිණි සංචාරකයන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 14.7කින් වර්ධනය වී තිබේ.
මීට අමතරව, 2018 මැයි මාසයේ සංචාරක ඉපැයීම්ද සංචාරක පැමිණීම් මෙන්ම වර්ධනය වී ඇති අතර, එය පෙර වසරේ අනුරූඵ කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 240ක් දක්වා වර්ධනය වී තිබේ.