24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව (SPIEF'21) පසුගිය 02දා රුසියාවේදී ආරම්භ වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ප්රමුඛ නියෝජිත පිරිසක් ඊට එක්වූහ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සහ ලොව පුරා රාජ්‍යයන් 120ක පමණ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ආර්ථික සමුළුවට අන්තර්ජාතික ආර්ථික සංවිධානවල ප්‍රධානීන්, රුසියානු සහ වෙනත් රටවල රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු පිරිසක්ද ඇරයුම් ලබා ඇත.
24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව (SPIEF'21) අද (05දා) අවසන් වීමට නියමිතය.


