නෙස්ලේ නෙස්ටොමෝල්ට් හි ‘අරමුණට ශක්තියක්’ යනු, වර්තමාන සමාජ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද තම පවුල්වල ප්‍රගතිය සහතික කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාකරන දිවයින පුරා සිටින දිරිය මව්වරුන්ගේ නොපසුබට උත්සාහය සහ කැපවීම ඇගයීමේ වැඩසටහනකි.
ඒ අනුව, ශ්‍රී ලාංකේය පවුල්වල අභිලාෂයන් සවිබල ගැන්වීමේ ප්රයත්නයක් ලෙස එවැනි මව්වරුන් 1,000කට මාස 3කට ප්‍රමාණවත් නෙස්ලේ නෙස්ටෝමාල්ට් නිෂ්පාදන බෙදා දීමට මෑතකදී පියවර ගෙන තිබුණි.
2022 සැප්තැම්බර් මාසයේදී දියත් කරන ලද මෙම වැඩසටහන ඔස්සේ, නෙස්ලේ නෙස්ටොමෝල්ට් සිය පාරිභෝගිකයන්ගෙන්, ඔවුන් හඳුනන දිරිය මව්වරු නම් කරමින් සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ ආදර්ශමත් කතාව බෙදා ගන්නා ලෙසට ආරාධනා කරන ලදී. එම ඇරයුමට දිවයිනේ සිව්කොණින්ම පාරිභෝගිකයන්ගෙන් අතිමහත් ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, එයින් තෝරාගත් දිරිය මව්වරු1,000කට මෙසේ ත්‍යාග පිරිනමා තිබේ.
“මෙය, අප සියලු දෙනාටම දුෂ්කර කාලයක් බැවින්,නොසැලෙන අධිෂ්ඨානයක් පවත්වා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. එබැවින්,අභියෝග මධ්‍යයේ තම පවුලේ අරමුණු බලගැන්වීමේ උත්සාහය ඉදිරියට ගෙන යාමට දිරිය මව්වරුන් ධෛර්යමත් කරන අතරම, ඔවුන්ගේ ආදර්ශමත් කතා තුළින් ධනාත්මක බව ව්‍යාප්ත කිරීමට මෙම වැඩසටහන උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා″ යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කිරි ආහාර අංශයේ උප සභාපති රුවන් වැලිකල මහතා පැවසුවේය.