සැබෑ ශ්‍රී ලාංකේය සම්භවය ඇති ශ්‍රී ලාංකේය නිෂ්පාදනය ලොව පුරා පිළිගැනීමට ලක් කිරීම හා විශ්වාසයක් ඇති කිරීමත් මෙහි ප්රරධාන අරමුණ වේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කුළුබඩු අංශය සඳහා ශ්‍රී ලාංකේය සම්භවය සහතික කෙරෙන වෙළඳ ලකුණක් ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමේ පළමු අදියර “සිලෝන් කුළුබඩු” සන්නාමය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා සිදුවිය.
ශ්‍රී ලාංකේය සම්භවය ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ සහතික කිරීම තුලින් ශ්‍රී ලාංකේය කුළුබඩු සඳහා ඇති ජාත්‍යන්තර කීර්තිය ආරක්ෂා කර ගැනීමටත්, අවභාවිතය වළක්වා ගැනීමත් මෙහිදී අපේක්ෂා කර තිබේ.
මෙම අවස්ථාව සදහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ.