ශ්‍රී ලංකාවේ විශාලතම ධාරිතාවයෙන් යුත් ක්‍රෝලර් දොඹකරය (Crawler crane) පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) ගොඩබාන ලදී. ටොන් 750ක එසවුම් ධාරිතාවකින් යුත් මෙම දොඹකරය, මන්නාරමේ ‘Hiruras’ සුළං බල ව්‍යාපෘතිය සඳහා යෙදවීමට නියමිතය. පළමුව ජපානය විසින් භාවිතා කරන ලද ජර්මනියේ නිෂ්පාදිත ‘ලීබර්’ වර්ගයේ දොඹකරය, සිවිල් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.
“HIP දැනටමත් වාහන ප්‍රතිනැව්ගත කිරීමේ (RORO) හැකියාවන් සඳහා කීර්තිමත් නාමයක් දිනා ඇත. එනිසාම, සියලුම වර්ගයේ වාහන හැසිරවීමට වරායට ඇති හැකියාව අපි ජාත්‍යන්තර වෙළඳපොලේ පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටිමු. මෙම දොඹකරය වැනි බර උපකරණයක් සීරුවෙන් වරායේ ගොඩ බාන ලද ආකාරය HIP හි හැකියාවට, කදිම නිදසුනකි. වරායට පැමිණෙන බර උපකරණ පැතලි බහාලුම් මත ප්‍රවාහනය නොකර ඒ වෙනුවට ට්‍රේලර් හරහා අදාළ යාත්‍රාවල සහ ඉන් පිටත ධාවනය වනවා. එමගින් ආරක්ෂිතව, අනතුරු අවම කර අපගේ ක්‍රියාකාරකම් සිදු කිරීමට පුළුවන්. මෙම ක්‍රියාමාර්ග, බර උපකරණ වඩාත් ආරක්ෂිතව ප්‍රතිනැව්ගත කිරීමට පවා උපකාර වනවා,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ටොන් 1000 ක කොටස් වලින් සමන්විත වූ ක්‍රෝලර් දොඹකරය ගොඩබෑම සඳහා වරායට අවශ්‍ය වූයේ එක් දිනක් පමණි. ඉන් අනතුරුව ගොඩබෑ කොටස් ට්‍රක් රථ 42ක පටවා, එකලස් කිරීම සඳහා මන්නාරම ව්‍යාපෘති භූමියට ගෙන යන ලදී. මාර්ග ප්‍රවාහනය සඳහා ගත වූ කාලය දින දෙකකි.
ආනයනය සිදු කළ, ශ්‍රී ලංකාවේ විශාලතම කුලී දොඹකර සමාගම වන රේන්බෝ ලංකා (පුද්ගලික) සමාගමේ හිමිකරු කීර්ති මන්ත්රීරත්න මහතා, “ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රෝලර් දොඹකරය වැනි සියුම් හැසිරවීමක් අවශ්‍ය බර උපකරණ ආනයනය කිරීමේදී වරාය වඩාත් උචිත තේරීමක් වීමට ප්‍රධාන හේතුව, ඉහළ සෞඛ්‍ය සහ ආරක්ෂා ප්රමිතීන් සහ හදිසි අනතුරුවලින් තොර මෙහෙයුම් සඳහා HIP දරන ප්‍රසිද්ධියයි. මෙතරම් විශාල දොඹකරයක් ජපානය විසින් අපනයනය කළ පළමු අවස්ථාවයි මේ. මෙවැනි ධාරිතාවකින් යුත් දොඹකර ජපානයේ ඇත්තේ සුළු ප්‍රමාණයක් වන අතර මුළු දකුණු ආසියාවේම තිබෙන්නේ තුනක් පමණි. HIP අලෙවිකරණ කණ්ඩායම, ජපානය සංචාරයකදී වරාය සතු දක්ෂතා ගැන සිදු කළ පැහැදිලි කිරීමකින් පසුව, HIP වෙත දොඹකරය නැව්ගත කිරීමට අප තීරණය කළා.” යැයි පවසා සිටියේය.