ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ නව එක්සත් ජනපද තානාපති ලෙස ඇලයිනා ටෙප්ලිට්ස්, එරට ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් නම් කර තිබේ.
මෙම පත්කිරීම සම්බන්ධයෙන් පසුගියදා එක්සත් ජනපද විදේශ සබඳතා පිළිබඳ සෙනට් කමිටුව ඉදිරියේ ප්රකාශයක් කරමින් ඇය පවසා තිබුණේ තමා කෙරෙහි තබා ඇති විශ්වාසය ගැන ජනපති ට්රම්ප්ටත්, රාජ්ය ලේකම් පොම්පිඕටත් ඉතා කෘතඥ වන බවයි.
නේපාලයේ එක්සත් ජනපද තානාපති ලෙස කටයුතු කරමින් සිටි ඇය, ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ නව තානාපතිනිය ලෙස ඇගේ නාම යෝජනාව සලකා බැලීම ගැන සෙනට් කමිටුවටද ස්තූතිවන්ත වී තිබේ.