2019 මැයි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ වාර්තා වූ දළ නිල සංචිත එ.ජ.ඩොලර් 6.7 සිට ජුනි මස අවසන් වනවිට එ.ජ.ඩොලර් බිලියන 8.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2019 ජුනි මාසයේදී නිකුත් කරන ලද එ.ජ.ඩොලර් බිලියන 2ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු තුළින් වූ ලැබීම්ද සමග මහ බැංකුව මෙම අගය දක්වා සිටියි.
එමෙන්ම, මෙම සංචිත මට්ටම ආනයනික මාස 5.2කට සමාන වූ අතර, දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය, 2019 ජුනි මස අවසානය වනවිට එ.ජ.ඩොලර් බිලියන 11.5ක් වූ බවත්, එය ආනයනික මාස 6.8කට සමාන වන බවත් මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.