ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ ආයෝජන පරිසරය සම්බන්ධයෙන් කැනඩා රජයේ අවධානය යොමු කෙරුණු හමුවක් එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් සහ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතර සිදුව තිබේ.
සෙත්සිරිපායේ පිහිටි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍යාංශයේදී අද (20දා) මෙම හමුව සිදුව තිබේ.
අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මෙම හමුවේදී දෙරටට වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු වී ඇත. එසේම දෙරට අතර පවතින දිගු කාලීන ආර්ථික, දේශපාලන, සමාජ සහ සංස්කෘතික සම්බන්ධතා පිළිබඳවද සාච්ඡාවට බඳුන් වී තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු මෙන්ම මෙරටේ ආයෝජන අවස්ථා ගැන සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික දියුණුවට නූතන තාක්ෂණය භාවිත කිරීම පිළිබඳවද අදහස් හුවමාරු වී ඇත.
මෙම අවස්ථාවට කැනඩා තානාපති කාර්යාලයේ කන්සියුලර් ක්ලෝඩ් ගූලේ සහ එස්තර් මැකින්ටෝෂ් මෙනෙවියද සහභාගී වූහ.