වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්ෂණික සහාය ඉල්ලා සිටි බවත්, එහි නියෝජිතයන් පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අනාවරණය කරයි.
කොළඹ පැවති උත්සවයක් අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට රජය තීරණය කර නොමැති දැයි අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු කියා සිටියේ තවම නිල වශයෙන් කිසිවක් සිදුකර නොමැති බවය.
"නමුත් අපි ඔවුන්ගෙන් විශේෂඥ උපදෙස් ලබාගැනීමට ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. IMF යනු අර්බුදකාරී තත්ත්වයන් හරහා ගමන් කරන රටවලට උපදෙස් දීමට පිහිටුවා ඇති ජාත්‍යන්තර ආයතනයක්."
"අපිටත් අරමුදල් අවශ්‍යයි. අපි ජපානයෙන් අරමුදල් ඉල්ලා තිබෙනවා. අපි නොදන්නා කාරණා සම්බන්ධයෙන් IMF අපට උපදෙස් ලබාදේවි. අපි ඒ උපදෙස් ගන්නවාද යන්න වෙනම කාරණයක්. IMF යන්න කලින් අපි දැනගන්න අවශ්‍යයි, මොනවද දෙන්නෙ කියලා? අපි නිවාස ණයක් ගැනීමට ඕනෑම බැංකුව ශාඛාවකට යාමට පෙර වුණත්, ඒ ගැන අප දැන සිටිය යුතුයි." යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.