සැපයුම්දාම ගැටලු අවම කිරීම සඳහා කඩිනම් මූල්‍යාධාර (RFI) සහාය සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ඉල්ලීමක් කර ඇති බව දැනගන්නට තිබේ.
අලි සබ්රි මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ ෂමීර් ස්වාහිර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසා ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව එහි නිර්ණායක සපුරා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය වුවත්, විස්තීරණ අරමුදල් පහසුකමක් (EFF) ලබාදීම සඳහා IMF ධනාත්මක බවක් පෙනෙන බවද එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර සාකච්ඡාවක් එක්සත් ජනපදයේ, වොෂිංටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේදී පවත්වා ඇත.