බහුතර රාජ්ය හිමිකාරීත්වය සහිත ලැයිස්තුගත සන්නිවේදන සේවා සැපයුම් සමාගමක් වන ශ්රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි නව සභාපතිවරයා ප්රමුඛ නව අධ්යක්ෂ මණ්ඩලය මේ වනවිට පත් කර තිබේ.
එහිදී ශ්රී ලංකා ටෙලිකොම් හි නව සභාපතිවරයා වශයෙන් මෙරට තේ අපනයන ක්ෂේත්රයේ ප්රවීණයෙකු වන රොහාන් ප්රනාන්දු මහතා පත්කර ඇත.
සෙසු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වශයෙන් ලලිත් සෙනෙවිරත්න, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්, ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න හා රන්ජිත් රූබසිංහ මහත්වරුන් පත්කර තිබේ.
ලලිත් සෙනෙවිරත්න මහතා විදුලිසංදේශ කර්මාන්තයේ වසර 35කට අධික අත්දැකීම් ඇති අයෙකු වන අතර, ඔහු වරලත් ඉංජිනේරුවරයෙකි. 2017 දී ජනාධිපති නීතිඥයෙකු ලෙස පත්වූ මොහාන් වීරකෝන් මහතා මාතලේ මහනගර සභාවේ හිටපු උපනගරාධිපතිවරයාය. රාජ්ය පරිපාලන සේවයේ පළපුරුදු නිලධාරියෙකු වන ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න මහතා 2018 වසරේ ජනවාරියේ සිට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි. රන්ජිත් රූබසිංහ මහතා වසර 18කට අධික කාලයක් ශ්රී ලංකා ටෙලාකොම් පීඑල්සී හි සේවය කර අත්දැකීම් බහුල අයෙකු වන අතර, ඔහු TRACE ආරම්භක අධ්යක්වරයෙකු මෙන්ම වත්මන් සභාපතිවරයාද වේ.