මහ බැංකුවේ අධිපති ධුරය හොබවමින් ශ්‍රී ලංකා ආර්ථිකය සහ රට දැය සමය වෙනුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකළ මෙහෙවර අගයමින්, ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකාය විසින් දේශ කීර්ති ලංකා පුත්‍ර ගෞරව සම්මානය ඒ මහතා වෙත ප්රදානය කිරීම ඊයේ (23දා) අනුරාධපුරයේදී සිදුකරන ලදී.
ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහා නායක හිමිපාණන් වහන්සේ වරක් ප්‍රධාන දහසක් වූ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙස වර්ෂ 2006 සිට 2015 දක්වා සේවය කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත මෙම ගෞරව සම්මානය ප්රදානය රුවන්වැලි මහ සෑ රදුන් අභියසදී සිදුවිය.
මෙම ගෞරව සම්මාන ප්රදානය පැවැත්වෙන අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ දේශපාලඥයන් ඇතුළු සම්භාවනීය අමුත්තන්, ගිහි පිංවතුන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.




