තරුණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික අවස්ථා ඇගයීමේ අරමුණින් ජපාන විදේශීය වෙළෙඳ සංවිධානය (JETRO) සමග ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය (COYLE) දෙවැනි වරටත් ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායීතා සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ශ්‍රී ලංකාව පුරා සෞඛ්‍ය සහ කළමනාකරණ අංශය විධිමත් කිරීමත්, ඵලදායීතාව ඇතිකිරීමත් අරමුණු කරගනිමින් පසුගිය ජූලි 30දා සෞඛ්‍ය සහ ඵලදායීතා සම්මන්ත්රණයක්ද පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය මෙහෙයවනු ලැබුවේ ජපානයේ ටාමා විශ්වවිද්‍යාලයේ ආචාර්ය යෝෂියාවී ඉචිකාවා විසිනි. මෙම වැඩමුළුවට සහභාගී වූ පිරිසට සෞඛ්‍ය සහ ඵලදායීතා ක්ෂේත්රයට අදාළ කරුණු රැසක් ලබාගැනීමේ අවස්ථාව එදින උදාවී තිබුණි.
පසුගිය වසරේ පැවති සම්මාන උළෙල වඩාත් වැඩි අවධානයක් දිනාගත් බවත්, එය සෞඛ්‍ය සහ ඵලදායීතා ක්ෂේත්රය තුළ විශාල උද්දීපනයක් ඇති කිරීමට හේතු වූ බවත් සංවිධායකයෝ පවසති. ඒ අනුව, මෙම ඇගයීම් උළෙල 2020 ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ නියැලෙන සියලුම ව්‍යසායකයන්ට මෙම සම්මාන උළෙල සඳහා සහභාගී වීමට අවස්ථාව උදාවන අතර, සහභාගී වන සියලුම ව්‍යාපාරික සමාගම්වලට අධි පරිමාණ, මහා පරිමාණ, මධ්‍ය සහ කුඩා පරිමාණ යන අංශ යටතේ ඇගයීමට ලක්වීමේ අවස්ථාව උදාවේ. මෙමගින් සෞඛ්‍ය ක්ෂේත්රයේ නියැලෙන ව්‍යවසායකයන් ඇගයීමට ලක්කරමින් ඔවුන්ව තවදුරටත් දිරිමත් කිරීමටත්, ඔවුන්ගේ සේවා සමාජය තුළ වඩාත් ප්‍රචලිත කිරීමටත් හැකි බව සඳහන් වේ.