ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ආසනයේ සවිකර ඇති ආහාර තබන තැටියක් හානියට පත්වීමක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති ප්‍රවෘත්තිය පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සේවය කරුණු පැහැදිලි කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයේ ගුවන් ගමන සඳහා පිටත්ව යාමට පෙර එවැනි කිසිදු හානියක් හෝ වෙනත් අඩුපාඩුවක් වාර්තා වී නොතිබූ බවත්, එම සිදුවීම ගුවන් ගමන අතරතුරදී සිදුවී ඇති බවත් ගුවන් සමාගම වගකීමෙන් කියා සිටියි.
මේ සම්බන්ධයෙන් විකාශනය වන වීඩියෝ පටයේ පැහැදිලිවම දැක්වෙන්නේ අදාළ මගියා එය ඇදීමට උත්සාහ කරන අවස්ථාවේදී එම ආහාර තැටිය වෙන්වී කැඩී යන ආකාරයයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය එම ගුවන් මගියාට අත්විඳීමට සිදුවූ අපහසුතාව පිළිබඳ අතිශය කනගාටුවට පත්වන බවත්, තවද, එවැනි සිදුවීම් නැවත ඇති නොවීමට සියලු පියවර ගන්නා බව ගුවන් සමාගම සහතික කරයි.
පිරිමැසුම් පන්තියේ ආසන (Economy Class cabin ) පමණක් සවිකර ඇති මෙම ගුවන්යානයේ යෙදී තිබූ ගුවන් ගමන් වාර ගණන අනුව අදාල මාර්ගයේ මෙහෙයුම් කටයුතු සඳහා යොදවා තිබේ. ඒ පිළිබඳව සියලුම ව්‍යාපාරික පන්තියේ මගීන්ට කලින් දැනුම්දී ඇති අතර, ඔවුන්ගේ මුදල් නැවත ආපසු ගෙවීමට ඉතා කඩිනමින් පහසුකම් සැලසීමට ගුවන් සේවය කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු හා ප්‍රධානතම ප්‍රමුඛතාවය වන්නේ සිය මගීන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කිරීමයි. ඒ අනුව, සෑම විටම මගීන් වෙත සුවපහසුව සහ රැකවරණය ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත අවධාරණය කරයි.
මෙම ගුවන් යානය යථාතත්ත්වයට පත් කිරීම සඳහා ගුවන් සමාගම ක්ෂණික පියවර ගෙන ඇති අතර ඉදිරියේ දී ගුවන් ගමන පුරාම උපරිම පහසුකම් සහතික කරනු ඇති බවද කියයි.