36 වැනි වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය 2019 දී ශ්රී ලංකන් ගුවන් සේවය නියෝජනය කළ බැඩ්මින්ටන් කණ්ඩායම සිය ක්රීඩා විශිෂ්ටත්වය පෙන්වමින් කිර්තිමත් ජයග්රහණ හිමිකරගෙන තිබේ.
හිටපු ජාතික බැඩ්මින්ටන් ක්රීඩකයකු වන ශ්රී ලංකන් ගුවන් සේවයේ පළමු පියාසර නිලධාරි උදය වීරකෝන් (ගුවන්මෙහෙයුම්) සහ ආර්.එම්.එල්. මුතුකුඩ (ශ්රී ලංකන් කේටරින්) අවසන් තරඟයේදී McLaren “A” කණ්ඩායම පරාජය කරමින් මාස්ටර්ස් Division–A ශූරයන් බවට පත්විය. එහිදී ගුවන් සේවයේ උදය වීරකෝන් හොඳම ක්රීඩකයා ලෙස සම්මාන ලබා තිබේ.
තවද බී-කාණ්ඩයේ (පිරිමි 40 ට වැඩි) අවසන් මහා තරගයේදී හේලීස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ ජාතික ගුවන් සේවයේ ක්රීඩකයින් අනුශූරතාව දිනාගත් අතර එම කණ්ඩයමට අනුරාජි ද සිල්වා (ගුවන් භාණ්ඩ මෙහෙයුම්), සුජිත් විජේතුංග (ගුවන් භාණ්ඩ මෙහෙයුම්), දයාන්ත ප්රනාන්දු (ශ්රී ලංකන් කේටරින්) සහ මහේෂ් ජයසිංහ (ආරක්ෂක මෙහෙයුම්) යන ක්රීඩකයින් ඇතුලත් වී ඇත.
ශ්රී ලංකන් බැඩ්මින්ටන් කණ්ඩායම පිරිමි විවෘත අංශය Division F කාණ්ඩය යටතේ තෙවැනි ස්ථානය දිනාගත් අතර එම කණ්ඩායමට දයාන්ත ප්රනාන්දු, මහේෂ් ජයසිංහ, දසිතා දහනයක, තිලින කරුණරත්න, පුබුදු අතුකෝරල, ශිරෝමාල් ප්රනාන්දු සහ නුවන් ජයවික්රම යන ක්රීඩක ක්රීඩිකාවන්ගෙන් සමන්විත විය.