ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය ලබාගන්නා මගීන්ගේ පහසුව වෙනුවෙන් රට පුරාම ක්‍රියාත්මක වන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ටිකට් කාර්යාලය සහ මගී සේවා කාර්යාල පිහිටුවීමට පියවර ගෙන තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රට තුළ උද්ගතව පවතින වර්තමාන තත්ත්වය යටතේ අපහසුතාවට පත්ව සිටින ගනුදෙනුකරුවන්ට පහසුකම් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ඒ අනුව, මහනුවර සහ ගාල්ල තුළ ටිකට් පත් කාර්යාලත්, මඩකලපුව, ගම්පහ, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ වෙන්නප්පුව යන නගරවල මගී සේවා කාර්යාලයත් පිහිටුවා ඇත.
මීට අමතරව, ගුවන් ටිකට් පත් හා අදාළ විමසීම් සඳහා අංක 1979 ඔස්සේ ඇමතිය හැකි පැය 24 පුරා ක්‍රියාත්මක ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානයක් පිහිටුවීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු යොදා තිබේ.