ශ්‍රී ලංකන් කේටරින් සමාගම 2018/19 මූල්‍ය වසරේ 48%ක මෙහෙයුම් ලාභ අනුපාතයක් සමග, මෙම වසර තුළ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු.බිලියන 5.7ක් ලෙස වාර්තා කර තිබේ. තවද, මෙම මූල්‍ය වසර තුළ සමාගම ශුද්ධ විනිමය ලාභය රු.මිලියන 1,070ක් පෙන්නුම් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සහ ශ්‍රී ලංකන් කේටරිං සභාපති ජී.එස් විතානගේ මහතා, "ශ්‍රී ලංකන් කේටරින් අපගේ ජාතියට සහ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමූහයට විශාල ශක්තියක් වගේම දීප්තියක්. පසුගිය සිව් වසර තුළ සෑම වසරකම ලාභය රු.බිලියන 03 ක් වාර්තා කරමින් සමාගමට විශිෂ්ට ආදර්ශයක් පෙන්වා තිබෙනවා. 2018/19 මූල්‍ය වසර තුළ කේටරින් සමාගමේ මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව 48%ක වර්ධනයක් ලබාගෙන තිබීම සුවිශාල ජයග්‍රහණයක්" යැයි පවසා සිටියේය.
ශ්‍රී ලංකන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් විතාන මහතා පවසා සිටියේ, මූල්‍ය විනය පිළිබඳ කැපවීමෙන් මෙන්ම, කුසලතාව පෙන්වමින් සිය කාර්ය මණ්ඩලය කටයුතු කිරීම සමාගමේ කැපී පෙනෙන කාර්ය සාධනයට හේතු වී ඇති බවයි. මේ වසර තුළදී මුහුණදුන් විවිධ අභියෝග සියල්ල ජයගැනීමට සිය කණ්ඩායම සමත් වී ඇති බවත්, පහසුකම් හා ක්‍රියාදාමයන් වැඩිදියුණු කරමින් නව ව්‍යාපෘති රැසක් අත්පත් කරගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.