කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියලුම ආයතනික කාර්යාල දැන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි ශ්‍රී ලංකන් ප්‍රධාන ගුවන් සේවා මධ්‍යස්ථානයේ මූලස්ථානය වෙත ගෙන ගොස් තිබේ.
ඒ අනුව, නැවත ස්ථානගත කරනලද ආයතනික කාර්යාලවල ලිපිනය ‘ගුවන් සේවා මධ්‍යස්ථානය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල, කටුනායක’ලෙස වෙනස් කර ඇති අතර, එම කාර්යාලවලට අදාල දුරකතන අංක සහ විද්‍යුත් ලිපිනවල වෙනසක් සිදුවී නොමැත.
ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යථානයේ දුරකතන අංකය 1979 (ශ්‍රී ලංකාව තුළ) සහ +94117 77 1979 (ලොවපුරා) මගින් පාරිභෝගිකයන්ට ඔවුන්ට අවශ්‍ය තොරතුරු විමසීම් සඳහා සහාය ලබාගත හැකිය. එසේ නොමැතිනම් වැඩිදුර තොරතුරු සඳහා srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත බව ඔවුන් වැඩිදුරටත් පවසයි.