මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව වගකිව යුතු බවට චෝදනා රැසක් එල්ල වී මුදල් මණ්ඩලයට හෝ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වෝහාරික විගණනයක් සිදුකිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, එය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි ක්‍රියාවක් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
වෝහාරික විගණනයන් සම්බන්ධයෙන් වූ විගණන කණ්ඩායම් විසින් අවසන් වාර්තා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවට වූ මහ බැංකු නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා,
"වෝහාරික විගණනයක තිබිය යුතු මූලික ලක්ෂණයක් නම් එහි ස්වාධීනත්වයයි. එම වෝහාරික විගණනයෙන් සලකා බැලෙන කරුණට සම්බන්ධ කිසිම කෙනෙකු ඒ විගණනයන්ට සම්බන්ධ නොවිය යුතුයි. මෙහිදී අපට දක්නට ලැබෙන්නෙ මහ බැංකුවේ නිලධාරීන් සහ මහ බැංකුවේ මුදල් මණ්ඩලය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමන්ට සෘජුව හා වක්‍රව චෝදනා රැසක් එල්ල වී තිබියදීත්, එම වෝහාරික විගණනයට සම්බන්ධ වීමයි. එය ස්වාධීනත්වයේ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක්. මේ වෝහාරික විගණනය සිදුවිය යුතුව තිබුණේ සම්පූර්ණයෙන්ම විගණකාධිපතිවරයා විසින් පමණයි.
මෙවැනි වෝහාරික විගණනයකදී ඊට නිර්දේශ යොමුකිරීම, ඒ සඳහා ලංසු කැඳවීම, වෝහාහාරික විගණන සමාගමක් තෝරාගැනීම යන සියලු කාරණා සිදුකළ යුතුව තිබුණේ මහ බැංකුවට කිසිදු සම්බන්ධතාවක් නොමැති පාර්ශ්වයක් විසිනුයි. නමුත්, දැන් මෙයින් පෙනී යන්නේ එම ස්වාධීන කාර්යභාරය ඉතාමත්ම වැරදි ආකාරයෙන් සිදුව ඇති ස්වරූපයකුයි.
ඒ නිසා මින් කිසිදු ආකාරයක යහපත් ප්‍රතිඵලයක් අපට බලාපොරොත්තු විමට නොහැකියි. පසුගිය වසර පහකට ආසන්න කාලය තුළ අපේ රට තුළ අප දැක ඇත්තේ විවිධ ආයතන අතකොළු ලෙස පාවිච්චි කරමින්, විවිධ නිලධාරීන් අතකොළු ලෙස පාවිච්චි කරමින් ඉහළ තලයේ දේශපලනඥයන් තමන්ගේ ප්‍රතිවාදීන්ට සහ අනෙකුත් අයට බලපෑම් කිරීමට කටයුතු කිරීම පමණයි. ජනාධිපතිවරණයට ආසන්න දින කිහිපයේදීත් ඔවුන් ඉන් එහාට යමක් නොකරන බව පැහැදිලියි. එවැනි නිලධාරීන් දැනටමත් ඔවුන්ට එල්ල වූ බලපෑම් පිළිබඳව රට හමුවේ තොරතුරු හෙළිකර තිබෙනවා. ඒ අනුව, මේ වෝහාරික විගණනය හරහාත් අපට පෙනී යන්නේ එවැනි සිදුවීමක් යැයි හැඟීයනවා. මක්නිසාදයත්, මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සහ එහි මොළකරු වශයෙන්ද හඳුන්වනු ලබන්නේ අප රටේ ඉහළ පෙළේ දේශපාලනඥයෙකු වන නිසයි. ඒ බලපෑම මේ සිද්ධියේදීත් සිදුවන්නට බොහෝදුරට ඉඩ ඇති බව අපට පැහැදිලිවම විශ්වාස කළ හැකියි.
අවසාන වශයෙන්, ඕනෑම වෝහාරික විගණනයක්, සුදුසු යැයි සලකනු ලබන්නේත්, එය භාරව සිටිය යුතු වන්නේත්, වෙන කිසිවෙකු නොවෙයි, ඒ විගණකාධිපතිවරයායි. වෝහාරික විගණනය සඳහා විශේෂ ඡන්ද විමසීමකින් ගෙවීම් කළ යුතු වන්නේ රජයයි. ශ්‍රී ලංකා මහ බැංකුව නොවෙයි. “යුක්තිය ඉටුවිය යුතුයි පමණක් නොව, එය කළ යුතු යැයිද සිතිය යුතුයි” යන ගෞරවනීය නෛතික මූලධර්මය අනුගමනය කළ යුතු නම් විගණකාධිපති විසින් සමස්ත ක්‍රියාවලියම හැසිරවිය යුතු බව අවධාරණය කිරීමට කැමතියි" යනුවෙන් පවසා සිටියේය.