Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 24 වන සිකුරාදා
2025 ජනවාරි මස 24 වන සිකුරාදා
මහා පරිමාණ බැඳුම්කර වංචාව සිදුකළ අවස්ථාවේ සිටම රනිල් වික්‍රමසිංහ පරිපාලනය, ඒ පිළිබඳ අවධානය වෙනතකට යොමු කරමින් නීතියෙන් ගැලවී සිටීමට සමත්ව ඇති බවත්, එමගින් වංචාවේ සැබෑ ස්වභාවය වසන් කිරීමට සහ වගකිව යුතු පුද්ගලයන්හට දඬුවම්වලින් ගැලවී සිටීමටද හැකි වී ඇති බවත් හිටපු මහ බැංකු අධිපති සහ වත්මන් අග්‍රමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා චෝදනා කරයි.
2002 වසරේ සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෞද්ගලික ආයතනයක සේවය ලබාගෙන, අති විශාල පිරිවැයක් දරා නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තාවන්හි විනිවිදභාවය හා ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් හිටපු අධිපතිවරයා මෙම අදහස් මතු කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාඩ් කබ්රාල් මහතා,
"ඕනෑම අපරාධයක් හා වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ යුතු වඩාත්ම පැහැදිලි සහ පිළිගත හැකි ක්‍රමවේදය වන්නේ සෘජු පොලිස් පරීක්ෂණයක් සහ නඩු පැවරීමක් කිරීමයි. නමුත් එසේ නොකර, ඒ වෙනුවට, පසුගිය රජය පෞද්ගලික නීතිඥ කමිටු, කෝප් කමිටු පරීක්ෂණ සහ ජනාධිපති කොමිෂන් සභා ඇතුළු දඬුවම් ලබාදීමට බලය නොමැති විවිධ පාර්ශ්ව මගින් පරීක්ෂණ සිදුකරමින්, මහා පරිමාණ බැඳුම්කර වංචාවේ මහා මොළකරු වන රනිල් වික්‍රමසිංහ ඇතුළු වැරදිකරුවන් අත්අඩංගුවට නොගෙන නිදැල්ලේ සිටීමට ඉඩ සකසා දී තිබෙනවා. ඒ සූක්ෂම ක්‍රමවේදය හරහා ඔවුන්ගේ අනෙකුත් වැඩ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකර ගැනීමට ඔවුන්ට මෙමගින් හැකියාව ලැබී තිබෙනවා.
එම මහා වසන්කිරීමේ තවත් එක් නාටකයක් ලෙස, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සෘජු යෝජනාවක් පදනම් කරගෙන, බැඳුම්කර කොමිසම විසින් වෝහාරික විගණනයක් නිර්දේශ කරන්නට වුණා. ඉන්පසුව, එම වංචාව කරනලද අවස්ථාවේ සිටි සහ උපරිමයෙන් වංචා වසන් කිරීමට සම්බන්ධ වී සිටි මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහ අධිකාරිය යටතේ එම වෝහාරික විගණනය සිදු කෙරුණා.
එබැවින්, ඕනෑම කෙනෙකුට අපේක්ෂා කළ හැකි පරිදි, '2015 ට පෙර' පැවති දේශපාලන අධිකාරියට සහ මහ බැංකු පරිපාලනය වෙත මඩ ගැසීම සඳහා මෙම සාවද්‍ය, විකෘති කරනලද සහ ව්‍යාජ තොරතුරු මත පදනම් වූ වෝහාරික විගණන වාර්තාව දැන් යොදා ගනිමින් තිබෙන බව දක්නට පුළුවන්.
ඒ අතර, එම විකෘති කරන ලද වෝහාරික විගණනය වාර්තාවන් පාවිච්චි කරමින් '2015 ට පෙර' රජයට සහ මහ බැංකුවට වඩාත්ම මඩ ගැසීමට ඉදිරිපත් වී ඇත්තේ, අද මුළු රටම පිළිගෙන ඇති ආකාරයට එජාපෙ අතකොළුවක් වී ඇති ජවිපෙ බව පැහැදිලියි. 2016 දී කෝප් කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරද්දී ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති සහ එජාප කෝප් කමිටු සාමාජික, මන්ත්‍රී රංජන් රාමනායක අතර එක් දුරකථන සංවාදයකින් කෝප් කමිටුවේ කටයුතු කෙතරම් දුරට දේශපාලනීකරණය වී තිබූ බව අද සැමදෙනාටම පැහැදිලියි. එවැනි කූඨ උපක්‍රම සහ දේශපාලන කුමන්ත්‍රණ හරහා එම කෝප් කමිටු විග්රහයෙන්ද මේ මගඩියේ මොළකරු නම් නොකිරීම අද වනවිට පුදුමයට කරුණක් නොවන බව අපට දැන් ඉතා පහසුවෙන් තේරුම්ගත හැකියි.
වෝහාරික විගණන වාර්තා පිළිබඳ සිදුකළ මූලික අධ්‍යයනයෙන් සනාථ වන්නේ එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ මහා පරිමාණ බැඳුම්කර වංචාව සිදුකළ දූෂිත වික්‍රමසිංහ පරිපාලනයට හැකිතාක් දුරට 'සුදු හුනු ගෑම' සහ '2015 ට පෙර' පරිපාලනයට කෙසේ හෝ 'කළු පැල්ලම් ආලේප කිරීම' බවයි.
ඒ නිසා සාවද්‍ය තොරතුරු, ද්වේෂ සහගත චේතනාවෙන් සිදුකරන ලද ප්‍රකාශයන් සහ විවිධ දේශපාලන වාසි ලබාගැනීම සඳහා සිදුකරන අසත්‍ය ප්‍රකාශ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ මේ වෝහාරික විගණන වාර්තාව පිළිබඳ වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් සිදුකිරීමටද මා බලාපොරොත්තු වෙනවා.
මෙසේ කරද්දී, මෑතකදී නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවේ දැක්වෙන විවිධ අසත්‍ය තොරතුර හා අභිමතාර්ථයන් වෘත්තීයමය වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය පියවර ඉක්මනින්ම ගන්නා බවත්, මේ ක්‍රියාවට වගකිව යුතු අය හෙළිදරව් කරන බවත් මා ප්‍රකාශ කිරීමට කැමැතියි.
එවැනි අධ්‍යයනයක් කර වෘත්තීමය වශයෙන් මහජනයාට එම තොරතුරු ලබාදීමට හැකිවන තෙක්, විනිවිදභාවයෙන් සහ විද්‍යාත්මක ආකාරයකින් බැඳුම්කර නිකුත් කිරීම තුළින් '2015 ට පෙර' පරිපාලනය යටතේ රුපියල් බිලියන ගණනක් ඉතිරිකර ඇති බවත්, සේවක අර්ථසාධක අරමුදලේ කළඹ ආයෝජන ක්‍රියාකාරකම් තුළින් දැවැන්ත ලාභ වාර්තා කර ඇති බවත් පැවසීම ප්‍රමාණවත් යැයි මා සිතනවා. සැබවින්ම, 2014 දෙසැම්බර් මස අවසානය වනවිට, සියල්ලන්ටම පිළිගන්නට සිදුවන යථාර්ථය වන්නේ සේවක අර්ථසාධක අරමුදල කළඹ ආයෝජනවල උපලබ්ධි ලාභය (unrealized profit) එහි මූල්‍ය ප්රකාශනවල සටහන් වී ඇති ආකාරයට රු.මිලියන 20,000කට වඩා වැඩි බවයි. එමෙන්ම, 2011 සිට 2014 දක්වා කාලය තුළදී, කළඹ ආයෝජන හරහා සේවක අර්ථසාධක අරමුදල අත්කර ගත් ශුද්ධ ලාභය තවත් රු.මිලියන 14,580ක් වෙනවා. මේ සත්‍ය තත්ත්වය වෝහාරික විගණනය සිදුකළ අය නොදැකීමත්, එය ගැන වාර්තා කරන අය සැලකිලිමත් නොවීමත්, පුදුම සහගතයි.
තවද, මේ වෝහාරික විගණන උත්සාහය, 'වාසි සහගත දත්ත පමණක් තෝරාගැනීම' (cherry-picking of information), දෝෂ සහිත විශ්ලේෂණ, නිවැරදි නොවන සොයාගැනීම්, අදාළ කරුණු හිතාමතාම යටගැසීම සහ නිර්දය ලෙස පක්ෂග්රාහී නිගමන මගින් බැඳුම්කර වංචාවේ සැබෑ ස්වභාවය පිළිබඳව මහජනයා තවදුරටත් නොමඟ යැවීමට, රු.මිලියන 300කට අධික වියදමක් දරමින් කරනලද එකක් බව පැහැදිලියි. එපමණක් නොව, බැදුම්කර වංචාවට සහ එය වසන් කිරීමට විවිධ ආකාරවලින් ඍජුව සහ වක්‍රාකාරව සම්බන්ධ මුදල් මණ්ඩල සාමාජිකයන් සහ මහ බැංකු නිලධාරීන්ගේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ මේ වෝහාරික විගණනය සකස් කර ඇති බවද පැහැදිලියි.
යහපාලන රජයේ ඇමතිවරයෙකු පැවසූ ආකාරයට, ආර්ථිකයට සහ රටට රුපියල් ට්‍රිලියනයකට (රුපියල් බිලියන දාහකට) ආසන්න මුදලක පාඩුවක් සිදුකළ 2015 පෙබරවාරි සහ 2016 මාර්තු මාසවල සිදුකරන ලද බැඳුම්කර වංචාවට මඟ පෑදුනේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, වසර 18ක් පැරණි බැඳුම්කර නිකුතු ක්‍රමය පදනම් රහිතව සහ හිතුවක්කාර ලෙස වෙනස් කිරීම හේතුවෙන් බව නොරහසක්. එහෙත්, 2006 සිට 2014 දක්වා කාලය තුළදී, බැඳුම්කර නිකුතු සඳහා නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරමින්, රජයේ බැඳුම්කර නිකුතුවේ කිසිදු වංචනික ක්‍රියාවක් සිදුනොවූ බව සනාථ කරන්නටද මා කැමතියි.
තවද, රුපියල් මිලියන 300ක් වැය කරමින් වෝහාරික විගණනයක් පවත්වා, බැංකු ක්ෂේත්රයේ අධ්‍යක්ෂක මණ්ඩලවල සේවය කළ මාගේ ඥාතීන් පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කොට ඒ ආශ්‍රිතව ඍණාත්මක මතයක් ගොඩනඟන්නට උත්සාහයක් දරන බවත් පෙනෙන්නට තිබෙනවා.
එහෙත් එම කරුණු, 2015 දී ඩිව් ගුණසේකර කෝප් කමිටුව ඉදිරියේදීත්, 2017 දී මාධ්‍ය ඉදිරියේදීත් මා පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙන ඒවායි. එහෙයින්, මෙපමණ විශාල මුදලක් වැය කරමින් වෝහාරික විගණනයක් පවත්වා, එම කරුණුම අලුත් සොයාගැනීමක් ලෙස විදහා දක්වමින්, නැවත ප්‍රසිද්ධ කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි මා සිතනවා. ඒ අතර, මෙහිදී වැදගත් වන්නේ මාගේ එම ඥාතීන් සමග එකතු වී මා කිසියම් හෝ වැරැද්දක හෝ පාඩුවක් සිදුවන ක්‍රියාවලියක යෙදී සිටියාද යන්නයි. ඒ සම්බන්ධයෙන්, එම වෝහාරික වාර්තාවල පැහැදිලිවම දක්වා ඇති ආකාරයට, එවැනි කිසිදු වැරැද්දක් සිදු නොවී ඇති බව ඉතා පැහැදිලිවම ප්‍රකාශ වී තිබියදීත්, එම කරුණු දැන දැනම, එවැනි වැරදි සිදු වූවා සේ මාහට පුද්ගලිකවම චෝදනා එල්ල කිරීම, එසේ කරන්නන්ගේ නිරුවත සහ දේශපාලන බංකොලොත්භාවය පෙන්වා දෙන්නක් බවද කිව යුතුමයි.
වික්‍රමසිංහ-මහේන්ද්‍රන් දෙදෙනා විසින් සිදුකරන ලද මහා පරිමාණ බැඳුම්කර වංචාව ගැන බොහෝ විශ්ලේෂකයන් සහ විශේෂඥයන් දැනටමත් පැහැදිලිව ලේඛනගත කර නිරාවරණය කර අවසානයි. වංචාවේ මහ මොළකරුට මෙන්ම අපරාධයට සහාය සහ අනුබල දුන් අයට එරෙහිව නඩු පැවරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි සහ තොරතුරුද පවතිනවා. ඒ අතර, වංචාව වසන් කිරීමට ක්‍රියාකාරීව සහාය දුන් අයද හඳුනාගෙන තිබෙනවා.
හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින්ම මේ වෝහාරික විගණනය 'මූල්‍ය මණ්ඩලයේ අධිකාරිය යටතේ' සිදුකර ඇති එකක් බව දැනටමත් සනාථ කර තිබෙනවා. ඒ අතර, මේ විගණනය මුදල් මණ්ඩලය සමග සම්බන්ධීකරණය කළ මුදල් මණ්ඩලයේ සාමාජික ක්‍රිෂාන්ත පෙරේරා 2015 මාර්තු සිට මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු වූ බැවින් දෙවැනි බැඳුම්කර වංචාව සිදුකරන ලද අවස්ථාවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු වුණා. පෙරේරා, මුදල් මණ්ඩලයේ සේවය කරමින් සිටියදීම මේ වංචාව උපරිම ලෙස වසන් කිරීම සඳහා ඉතා උනන්දුවෙන් ක්‍රියාකළ පුද්ගලයෙකු බවද නොරහසක්. තවද, වෝහාරික විගණනයට අනුමැතිය ලබාදුන් මුදල් මණ්ඩලයේ නිල සාමාජික ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගද වංචා දෙකම සිදුවන අවස්ථාවල මුදල් මණ්ඩලයේ සේවය කළා පමණක් නොව, ඉන්පසුව එය වසන් කිරීමට මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සෑම උත්සාහයක්ම දැරුවා. එබැවින්, ඕනෑම වෝහාරික විගණනයක් සඳහා අත්‍යවශ්‍යම මූලික සිද්ධාන්තයක් වන 'ස්වාධීනත්වය^ මේ සබඳකම් හරහා එළිපිටම උල්ලංඝනය කර ඇති බව ඉතා පැහැදිලියි.
මේ පුළුල් හා අති විශාල වසන් කිරීම් සම්බන්ධ සියලු අංග මා විසින් දැනටමත් ඉස්මතු කර ඇති අතර, මා මෑතකදී නිකුත් කළ 'බැඳුම්කර වංචාවේ දැවැන්ත වසන් කිරීම^ (The Great Bond scam Cover-up) යන කෘතියේද දක්වා ඇති පරිදි, මේ සැකසහිත වෝහාරික විගණන වාර්තාව මේ වංචාව වසන් කිරීමේ තවත් එක් පියවරක් (නාටකයක්) බව පැහැදිලිවම තර්ක කොට තිබෙනවා. යාවත්කාලීන කිරීම් කිහිපයක් සහිත එම ග්‍රන්ථයේ සාරාංශයක් ඉදිරි දින කිහිපය තුළ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම මාධ්‍ය වෙත මුදා හැරීමටද මා බලාපොරොත්තු වෙනවා. එමගින්, මේ වංචාවේ මහා මොළකරුවන් සහ වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමට උනන්දුවක් දක්වන සියලු දෙනාට මේ වසන් කිරීමේ සත්‍ය ස්වභාවය පහසුවෙන් වටහාගත හැකි වනු ඇතැයිද මා විශ්වාස කරනවා.
දැනටමත් සියලු දෙනා දන්නා පරිදි, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ දූෂිත සගයන් විසින් කරන ලද විවිධ චෝදනා මෙන්ම බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ දක්වා ඇති කරුණු පක්ෂග්රාහී, වැරදි සහ අසත්‍ය කරුණු බව හෙළි වී තිබෙනවා. වික්‍රමසිංහ රජය බලයේ සිටි වසර 5කට ආසන්න කාලය තුළ '2015ට පෙර' සිටි මහ බැංකු අධිපතිවරයාට සහ වෙනත් නිලධාරීන්ට එරෙහිව වික්‍රමසිංහ පාලනාධිකාරියට කිසිදු නීතිමය චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වූයේ ඒ හේතුවෙන් බවත් ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම නිගමනය කළ හැකියි.
ඉහත කී ඇති ආකාරයට, සවිස්තරාත්මක විග්‍රහයක් තව කිහිප දිනකින් ප්‍රසිද්ධියට පත්කළ විට, වෝහාරික විගණන වාර්තාවල දක්වා ඇති වැරදි කරුණුවලටත්, මීට පෙර කෝප් කමිටු නියමයන්, අගමැතිවරයාගේ තර්ජන සහ බැඳුම්කර කොමිෂන් සභාවේ නිර්දේශවලට අත් වූ ඉරණමම ඒවාටත් අත්වෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. මේ තත්ත්වය සලකා බැලීමේදී වත්මන් රජයට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වනුයේ සමස්ත බැඳුම්කර වංචා විමර්ශනය රහස් පොලීසියට භාර දීමයි. එවිට වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමේ අරමුණින් නිසි හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය හැකියි.
ඒ නිසා මේ දරුණු අපරාධයේ සියලු අංශ පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීම සඳහා වහාම රහස් පොලීසියේ විමර්ශන ඒකක කිහිපයක් පිහිටුවන ලෙස ඉතා ඕනෑකමින් මා රජයෙන් ඉල්ලා සිටිනවා. එවිට මේ දරුණු අපරාධකරුවන්හට හැකි ඉක්මනින් නඩු පැවරීමට හැකිවනු ඇති අතර, එය සිදුවන තුරු මුළු රටම උනන්දුවෙන් බලා සිටින බවද මා තරයේ විශ්වාස කරනවා."
popular news
Maha hora Wednesday, 05 February 2020 09:09 AM
Maha banku sagawu maraya. Horata kalin kehelkana wata pani.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd