ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රේලර් නිෂ්පාදන සමාගම වන Tantri Trailers සමාගම සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබේ.
Tantri Trailers සමාගම විසින් ට්‍රේලර්, ඉදිකිරීම් යන්ත්රාගාර හා උපකරණ, සන්නිවේදන කුලුණු, දොඹකර ඇතුළු උපකරණ හා නිෂ්පාදන රැසක් නිපදවන අතර රටවල් 30කට අධික සංඛ්‍යාවක් වෙත ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කරනු ලබයි. මේ අනුව පුහුණු අධිකාරිය සතු පහළ යාගොඩ පිහිටි මධ්‍යස්ථානය Tantri ආයතනය හා එක්ව ක්ෂේත්රයේ තුළ පවතින තාක්ෂණය සහිත ආයතනයක් ලෙස වැඩි දියුණු කරන අතර, වැඩිදුර පුහුණුව Tantri Trailers කර්මාන්තශාලා තුළින් ලබා දෙයි. එමගින් වඩා යාවත්කාලීන පුහුණුවක් දරුවන් සඳහා ලැබෙන අතර රැකියා සුරක්ෂිතභාවයද ඇතිවන බව අමාත්‍යාංශය පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන ලද්දේ පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන් සමග එක්ව වෘත්තීය පුහුණු අවස්ථා ඇති කිරීම තුළින් රැකියා සඳහා අවශ්‍ය උසස් තාක්ෂණය දරුවන්හට ලබාදිය හැකි බවයි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරංග බස්නායක, Tantri Trailers සමාගමේ අධ්යක්ෂ මයාන් හපුතන්ත්‍රී, කළමනාකරණ අධ්යක්ෂ අතුල හපුතන්ත්‍රී, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.