දිවයිනේ පවත්නා තත්ත්වය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට රජය විසින් තිරණය කළ අපේ‍්‍රල් 2, 3 සහ 6 යන දිනයන්හි සිය විශ්‍රම වැටුප් ලබාගැනීම සඳහා දිවයිනේ පුරා මහජන බැංකු ශාඛාවන් වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුවිශේෂි හා සෞඛාරක්ෂිත සේවාවක් ලබාදීමට මහජන බැංකුව කටයුතු කර තිබේ.
ඒ අනුව ආරක්ෂක අංශවලද සහයෝගය ඇතිව ශාඛාවන් වෙත පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතර අවම මීටරයක පරතරයක් තබාගැනීම සඳහා කටයුතු යෙදූ බව ඔවුහු පවසති. තම වාරය එනතුරු බැංකු ශාඛාව ඉදිරිපස රැදී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිරු එළියෙන් ආරක්ෂිත වීම සඳහා තාවකාලික ආවරණද සැකසූ බවත්, සෑම ශාඛාවක් හා ස්වයං බැංකුකරණ ඒකක තුළම දෑත් සෝදා පිරිසිදුකරගැනීමේ පහසුකම හෝ දෑත් පිරිසිදුකිරීමේ සංවේදිකාරක තබා තිබූ බවද පවසති.
මහජන බැංකුවේ නිලධාරින් සහ ආරක්ෂක නිලධාරින් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම් කර ඇති අතර, කාර්ය මණ්ඩලය මුඛ ආවරණ පැළඳ සෞඛ්‍යාරක්ෂිතව සිය සේවා සැපයූ බවද ඔවුහු පවසති. එහිදී සියලු ශාඛා හා ස්වයං බැංකුකරණ ඒකකවල සෞඛාරක්ෂාව ඉහළින් පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් පුහුණු කළ සනීපාරක්ෂක සේවකයින්වද යොදා තිබූ බවත්, මහජන බැංකුවේ මෙම වැඩපිළිවෙල පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශේෂ පැසසුමටද ලක්වූ බවද ඔවුහු වැඩිදුරටත් පවසති.