මෙරට ප්‍රධානතම වෘත්තීය ගිණුම්කරණ සංවිධාන 3ක් වන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (CA Sri Lanka), සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය (CMA Sri Lanka) සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT Sri Lanka) ඇතුළු ගණකාධිකරිවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFAC) ශ්‍රී ලංකාවේ සාමාජික සංවිධාන විසින් සත්කාරකත්වය දැක්වූ විශේෂ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
ගණකාධිකරණ වෘත්තියේ ගෝලීය සංවිධානය වන ගණකාධිකාරිවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFAC) සභාපතිනී රැචල් ග්‍රිම්ස් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ වෘත්තීය සඳහා වන ගෝලීය පිළිගැනීම වැඩිදුරටත් ශක්තිමත් කිරීමේ සහ රට පුරා ගිණුම්කරණ වෘත්තීය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉහත වෘත්තීය ගිණුම්කරණ සංවිධාන තුන මගින් "විශිෂ්ටත්වයක් සඳහා වෘත්තියක් නිර්මාණය කිරීම" යන උපාය මාර්ගික නවෝත්පාදනය දියත් කිරීම සිදුකෙරිණි.