ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් 23 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලාංකේය විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ සම්මාන උළෙල මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එහි සමාරම්භක උළෙල ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25දා කොළඹ, ගලදාරී හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වය හඳුනාගැනීම සහ එය ඇගයීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා සම්මාන උළෙල මෙරෙට ව්‍යවසායකයන් ජාතික වශයෙන් ඇගයීමට ඇති උසස්ම සම්මාන උළෙල ලෙස ඔවුන් හඳන්වා දෙයි. ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් 23 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලාංකේය විශිෂ්ටතම ව්‍යවසායකයා සම්මාන උළෙල, මෙරට ව්‍යවසායකත්වයට දිරිදීමේ අරමුණ පෙරදැරිව, ව්‍යවසායකයන්ගේ දැක්ම, කළමනාකරණ කුසලතාව, මූල්‍ය ශක්තිය, මාණ්ඩලීකරණය, තාක්ෂණ භාවිතය, පාරිසරික කළමනාකරණය, තරගකාරිත්වයට මුහුණදීම සහ අනාගත අපේක්ෂා වැනි අංශ තුළින් ඔවුන්ගේ කෞෂල්‍යය හඳුනා ගනිමින් ඒවා ඇගයීමට බඳුන් කරන්නක් බවද ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සෑම වසරකදීම ශ්‍රී ලාංකේය විශිෂ්ටතම ව්‍යවසායකයා, ශ්‍රී ලාංකේය ව්‍යවසායිකාව, ශ්‍රී ලාංකේය තරුණ ව්‍යවසායකයා හා ශ්‍රී ලාංකේය විශිෂ්ටතම විශේෂ හැකියාවන් සහිත ව්‍යවසායකයා යන කාණ්ඩ යටතේ ව්‍යවසායකයන් ඇගයීමට භාජනය කරන බවද ඔවුහු පවසා සිටිති. මෙම සම්මාන උළෙල සදහා අයදුම්පත් www.fccisl.lk වෙබ් අඩවියෙන් හෝ එම ආයතනයෙන් ලබාගත හැකි අතර, මේ පිළිබඳ වැඩි විස්තර 011-2366997, 076-7823246 යන දුරකතන ඇමතීමෙන් ලබාගත හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.