ශ්‍රී ලංකාව තුළ සිටින හෝ නේවාසික පුද්ගලයන් සන්තකයේ පවතින විදේශ ව්‍යවහාර මුදල් බලයලත් වෙළෙන්දෙකු (බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙත තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා ප්රදානය කරන ලද පොදු සමාකාලය 2022.07.26 වැනි දින දක්වා, තවත් වැඩකරන දින 14ක කාලයක් සඳහා දීර්ඝ කරමින් මුදල් අමාත්‍යවරයා විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ නියමයන් නිකුත් කර ඇත.
වැඩිදුර විස්තර සඳහා 2022.07.05 දිනැති අංක 2287/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ වන නියාමන www.dfe.lk හරහා ඩවුන්ලෝඩ් කිරීමෙන් පරිශීලනය කළ හැකි බවද මහ බැංකුව පෙන්වා දෙයි.