2019 පළමු වැනි කාර්තුව තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිබල උත්පාදනය ගිගාවොට් පැය 5,319 දක්වා ඉහළ නංවා තිබේ.
ඒ පසුගිය වසරේ මෙම කාලපරිච්ඡේදය තුළදීම වාර්තා වූ ගිගාවොට් පැය 5,138ක විදුලිබල උත්පාදනය සමග සැසඳීමේදී බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ 2019 වාර්තාව මගින් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, එම මුල් මාස හතර තුළ ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇති මෙහෙයුම් අලාභය රු.මිලියන 23,114 දක්වා ඉහළ ගොස් තිබේ.