කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී යළි පිඹිදීමක් දක්නට ලැබුණි. ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 467කින් එනම් සියයට 3.1කින් ඉහළ ගොස් ඒකක 15 127ක් ලෙස සටහන් විය.
එසේම එස්. ඇන්ඩ් පී දර්ශකයද ඒකක 193කින් එනම් සියයට 4.54කින් ඉහළ ගොස් ඒකක 4 458ක් දක්වා ඉහළ ගියේය. ඊයේ දිනයේදී කොටස් වෙළඳපොළ දැවැන්ත කඩා වැටීමකට ලක්විය.
අද දිනයේදී වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස සටහන් විය.