වාණිජ දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු බිහිදොර දියත් කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු බිහිදොර (Sri Lanka Trade Information Portal/SLTIP) මගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයන-අපනයන නීති රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි පිළිබඳ තොරතුරු එකම ස්ථානයකින් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා, ලෝක බැංකු කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ වෙළඳ විශේෂඥ මාර්කස් බාර්ට්ලි ජෝන්ස් මහතා සහ අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා අරන්චා ගොන්සාලිස් මහත්මියගේ සහභාගීත්වයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යතුමා අතින් මෙම වෙළෙඳ බිහිදොර ජූලි 20දා දියත් කෙරෙනු ඇත.