කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහයෝගීතාවයෙන් කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), විදාතා ඒකකය හා එක්ව දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයින් දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබෙයි.
FOUR I ලෙසින් නම් කර ඇති මෙම ජාතික වැඩසටහන මඟින් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර, කළමණාකරණ ශිල්ප ක්‍රම උපයෝගී කර ගනිමින් සංවර්ධනය කර එම ව්‍යාපාර ප්‍රතිනිර්මාණය කිරීම සිදුකරයි.
මෙම ජාතික වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගීතාවයෙන් යුතුව තෝරාගත් ව්‍යවසායකයින් සියදෙනෙක් සඳහා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රදානත්වයෙන් පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙම ජාතික වැඩසටහන වසර 3 ක් සඳහා සැලසුම් කර ඇති අතර මෙමඟින් ව්‍යාපාර වල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, ආයතනයේ මූල්‍ය විනය හා මූල්‍ය පරිපාලනය ඇති කිරීම, නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම, තරඟකාරී වෙළඳපලෙහි ස්ථාවරත්වය ඇති කිරීම, දේශිය හා විදේශීය වෙළඳපළ අවස්ථා සලසා දීම, සේවක කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම, සේවා ස්ථානයේ සුරක්ෂිතභාවය ඇති කිරීම, ව්‍යාපාර සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම යන කරුණු සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වේ.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සඳහා මේ වනවිට රාජ්‍ය ආතන 35ක් පමණ සක්‍රීය දායකත්වය සපයයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපාරවලින් 98.4%ක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වන අතර ලංකාවේ රැකියා වෙළෙඳපොළින් 45%ක ප්‍රමාණයක් සංතෘප්ත කරන්නේද මෙම අංශය විසිනි. දේශීය වෙළෙඳපොළ පමණත් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විදේශ වෙළෙඳපොළ වෙත යොමු කිරීම FOUR I ජාතික වැඩසටහනේ මූලික අරමුණ වේ.
මෙම FOUR I ජාතික වැඩසටහන සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව, මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව යන ආයතනවල ඒකාබද්ධ සහයෝගීතාව එක්කොට තිබේ.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ. ලක්කදාස්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් පාඬිකෝරාල, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම, ව්‍යවසායකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.