ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමග සම්බන්ධ වෙමින් කොමර්ෂල් බැංකුව විසින් ව්‍යවසායිකාවන්ගේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව කුසලතාවය සංවර්ධනය කිරීම සඳහා නව සහතික පත්‍ර පාඨමාලාවක් හඳුන්වා දී තිබේ.
මෙම සහතික පත්‍ර පාඨමාලාව සඳහා මාස තුනක කාලයක් තුළ පැය 7 ක දේශන වට 3 ක් පවත්වන අතර, මෙම පාඨමාලාව අවසානයේදී ප්‍රායෝගික ඉදිරිපත් කිරීමක් පැවැත්වෙන බවත් සඳහන් කරයි.
මෙහිදී, ‘ව්‍යවසායිකාවන් සඳහා ව්‍යාපාර සංවර්ධනය’, ‘මූල්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡා තුළින් එකඟතාවයන්ට පැමිණීමේ මූලධර්ම’ සහ ‘නවෝත්පාදනය සහ සන්නාමකරණය’ යන මාතෘකා යටතේ දේශන පැවැත්වෙනු ඇත.
මෙම දේශනවලින් පසුව ඒවාට සහභාගී වූවන් නව භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වාදීම පිළිබඳව ප්‍රායෝගික සැලසුමක්, එයට වැයවන පිරිවැය ඇස්තමේන්තුවක් සහ අලෙවිකරණ සැලසුමක් සමග ඉදිරිපත් කළ යුතුවේ.
මෙම මාතෘකා තුනට අදාළ දේශනවලට සහ මෙම ඉදිරිපත් කිරීම සම්පූර්ණ කරන කාන්තාවන්ට මෙම සහතිකය පිරිනමන බව බැංකුව සඳහන් කරයි.
මෙම පාඨමාලාව මගින් ආවරණය කරන මාතෘකා අතරට අසීරු කාල වලදී ව්‍යාපාරයක් දියුණු කරගන්නේ කෙසේද? නව අවස්ථාවන් සොයාගන්නේ කෙසේද? ආදායම් වැඩිවන ලෙස ව්‍යාපාරයක් දියුණු කරගන්නේ කෙසේද? ව්‍යාපාරයක මූල්‍ය කටයුතු සැලසුම් කරගන්නේ කෙසේද? ව්‍යාපාරයක මූලික ගිණුම් වාර්තා සහ වාර්තා පවත්වාගන්නේ කෙසේද? ව්‍යාපාරයක් සඳහා අයවැය සකස් කරන්නේ කෙසේද? පිරිවැය කළමනාකරණය කරන්නේ කෙසේද? සැපයුම්කරුවන් සමග එකඟතාවයන්ට පැමිණීම සහ සබඳතාවයන් ගොඩ නංවා ගන්නේ කෙසේද? නව නිෂ්පාදනයක් සහ සේවාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන්නේ කෙසේද? ව්‍යාපාරික කාන්තා භූමිකාවේ සිට ව්‍යවසායිකා භූමිකාවට ගමන් කරන්නේ කෙසේද? විවිධ මාධ්‍යයයන් ඔස්සේ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරන්නේ කෙසේද? යන මාතෘකා ඇතුළත් වේ.