පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පවා මෙරට තොරතුරු සන්නිවේදන හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ ආර්ථිකමය දායකත්වය ඇ.ඩො.බිලියන1.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව ‘Sri Lanka: Asia’s next IT/ITES destination’ වාර්තාව පෙන්වා දෙයි.
මෑත කාලයේ තොරතුරු තාක්ෂණික අංශයේ ක්රමික වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය තවදුරත් ඉදිරියට යමින් ඩිජිටල් තාක්ෂණ අංශයේ පුද්ගල, ආයතනික, හා කර්මාන්ත සඳහා ජාතික මට්ටමින් ඉහළ පිළිගැනීමකට මඟපාදමින් වේගවත් ගමනකට පිවිස ඇති බව මෙම වාර්තාව සඳහන් කරයි.
2020 විද්‍යුත් රාජ්‍ය සංවර්ධන දර්ශකයට අනුව ආයතන, යටිතල පහසුකම්, තොරතුරු තාක්ෂණික යෙදවුම්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය, සෞඛ්‍ය, කුසලතා, නිෂ්පාදන වෙළෙඳපොළ, ශ්‍රම වෙළඳපොළ වැනි ශක්තිමත් සමාජ-ආර්ථික කුලුණු මත මෙහෙයවනු ලබන සමතුලිත සංවර්ධනයක් අත්කරගත් දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව මෙමගින් තහවුරු කරයි. එමෙන්ම ඊ -රාජ්‍ය දර්ශකයට (e-government Development Index) අනුව 2018 ශ්‍රී ලංකාව 94 වැනි ස්ථානයේ පසුවූ අතර 2020 වනවිට එය 85 දක්වා ඉදිරියට ගොස් තිබේ.