ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය එක්සත් ජනපද ඩොලර් මිලියන 70ක ණය පහසුකමක් ලබාදී තිබේ.
ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) සඳහා මෙම ණය මුදල ලබාගන්නා බව මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ව්‍යාපෘතියෙහි සංවර්ධන ඉලක්කය වී ඇත්තේ වගකීමෙන් හා වගවිය යුතු ආකාරයෙන් ප්‍රජාව වෙත සේවා සැපයීම සඳහා ප්‍රාදේශීය සැලසුම් පද්ධති ශක්තිමත් කිරීම, ප්‍රාදේශීය සේවා වැඩිදියුණු කිරීම හා ආර්ථික යටිතල පහසුකම් හා ආයතනික සංවර්ධනය තුළින් අදාළ පළාත් තුළ ආර්ථික සංවර්ධනයට සහාය වීම තුළින් පළාත් පාලන ආයතන සවිබල ගන්වමින් පළාත්වල ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වීමය.
මෙම ව්‍යාපෘතිය සඳහා මුළු ඇස්තමේන්තුගත පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක් වන අතර, ඉන් ඩොලර් මිලියන 70ක මුදල ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින්ද, රජයෙන් ඩොලර් මිලියන 7ක් හා ඉතිරිය යුරෝපා සංගමය වෙතින් ප්‍රදානයක් ලෙසද ලබාගන්නා බව අමාත්‍යාංශය පවසයි.