'තරුණ නිපුණතා සහ නව්‍යකරණයන් ඔස්සේ තිරසාර සංවර්ධනය' යන තේමාවෙන් යුතුව ජූලි 15 වැනි දිනට යෙදී තිබූ ලෝක තරුණ නිපුණතා දිනය පසුගිය 17දා සමරනු ලැබීය.
විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ හා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේදී මෙම සැමරුම පැවැත්විණි.
ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් මත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද මෙම තරුණ නිපුණතා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලුම රටවල් ජූලි 15 වන දින සමරනු ලබයි.
මෙවර සැමරුම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල නිලධාරීන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.