දිනෙන් දින අලුත් වන තාක්ෂණය හා මුසු වෙමින් බිළිඳු වයසේ සිට වැඩිහිටියන් දක්වා වන තම සේවා දායකයන් හට ගුණාත්මක බැවින් ඉහල හා තෘප්තිමත් සේවයක් ලබාදීම අරමුණු කරගත් විෂන් කෙයා හියරින් සොලුෂන්ස් (hearing Solutions) වන අපි දිවයිනේ ඉහළම තලයේ ශ්‍රවණ සේවා සපයන්නෙමු.දිවයින පුරා විහිදී ශාඛා ජාලයකින් සැදුම්ලත් අප ආයතනය; සුදුසුකම් ලත් උපාධිධාරී සායනික ශ්රවනවේදීන් හා අත්දැකීම් බහුල ශ්‍රවණ තාක්ෂණ ශිල්පීන් සහ ශ්‍රවනාධාර විශේෂඥයින් ගෙන් සමන්විත් වෙයි. දිවයිනේ උසස්තම ශ්‍රවණ සත්කාර සපයන්නා වීම තම මෙහෙවර ද බවට පත් කරගත් අප, විවිධත්වයෙන් යුතු ඔබගේ ශ්‍රවණ සහ ශ්‍රවනධාර අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ ශ්‍රවනධාර සන්නාම පෙළට ලොව සුපතළ පිලිප්ස් (Philips) සන්නාමය යටතේ නිපදවන Philips Hearlink ශ්‍රවණාධාර රැගෙන එන බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටකිනි.
පිලිප්ස් (Philips) සන්නාමය, වසර 125 කටත් වැඩි කාලයක් තිස්සේ නවෝත්පාදනයන් සිදු කරමින් මිනිසුන්ගේ ජීවිත ගුණාත්මකව වැඩි දියුණු කරමින් සිදු කල මෙහෙවර නිසාම, පිලිප්ස් සන්නාමය (Philips)අද ලෝකයේ වයිද්ය තාක්ෂණික සහ ඉලෙක්ට්‍රොනික උපකරණහි විශ්වාසවන්තම සන්නාමයක් බවට පත්ව ඇත. නවීන තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවා සදහා විසඳුම් රාශියක් ඉටු කිරීම වෙනුවෙන් සුවිශේෂී ස්ථානයක් දිනා සිටින Philips; දැනටමත් Philips Hearing Solutions ලෙස ශ්‍රවණාධාර ක්ෂේත්රයේ තාක්ෂණික පෙරලියක් බවට පත්ව ඇත.
සාම්ප්‍රදායික ඉලෙක්ට්‍රොනික උපකරණයක් යන සංකල්පයෙන් මිදී, සෑම පිලිප්ස් (Philips) ශ්රවණාධාරයක්ම සැලසුම් කර ඇත්තේ ඔබේ ශ්‍රවණ අත්දැකීම බෙහෙවින් වැඩි දියුණු කිරීමට සහ අන් අය හා ලෝකය සමඟ සම්බන්ධව සිටීමට ඔබට උපකාරී වීම සඳහා ය.
බොහෝ විට ශ්‍රවණාබාධ සහිත පුද්ගලයින්ට ඇති ලොකුම දුෂ්කරතාවයක් නම් ඝෝෂාකාරී ස්ථානවල සන්නිවේදනය කිරීමයි. එවැනි අභියෝගාත්මක අවස්ථා වලට පවා නොබියව මුහුණ දීමට හැකියාව සැලසීම සඳහා, ඔබගේ ශ්‍රවණ අවශ්‍යතා හොදින් හදුනාගෙන ක්‍රියාකල හැකි කෘතිම බුද්ධියක් (AI - Artificial Intelligence) සහිතව නිපදව ඇත. ඉහළ තාක්ෂණයකින් සමන්විතව වන පිලිප්ස් ශ්‍රවණ උපකරණ (Philips Hearlink) අද නිපදවා ඇත. ඔබගේ ශ්‍රවණයේ ගුණාත්මක බව මෙන්ම, ඔබේ ජීවිතය පහසු කර ගැනීම සඳහා ඔබේ ශ්රවණාධාරය ඔබේ රූපවාහිනිය හෝ ස්මාර්ට් ජංගම දුරකථනය වැනි ස්මාර්ට් උපාංග සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ඇති තාක්ෂණයක්ද පිලිප්ස් ශ්‍රවණාධාර තුළ ඇත. එසේම භාවිතය ඉතාම පහසු නැවත ආරෝපණය කල හැකි බැටරි සහිත ශ්‍රවනාධාර (Rechargeable hearing aids) මාදිලි Philips වෙතින් ඔබට ලබා ගත හැක.
Philips ඉලෙක්ට්‍රොනික උපකරණක් භාවිතා කල ඕනෑම කෙනෙක් එය කල්පැවැත්ම අතින් ඉහලම ස්ථානයක සිටින බව හොදින්ම දන්නා කරුණකි. මෙම විශ්වාසය තම (Philips Hearlink) ශ්‍රවනාධාර වෙතත් රදවා ගනිමින් ඉහල කල්පවත්මෙන් යුත් ශ්‍රවනධාර සුවිශේෂී වගකීමක් සමග දැන් ඔබට විෂන් කේයා වැල්ලවත්ත සහ මහරගම යන ශාඛා වෙතින් ලබා ගත හැක.
ශ්‍රවණ ඌනථාවය මෙන්ම ඔබේ පෞද්ගලික ඇසීමේ අවශ්‍යතා සපුරාලිය හැකි ලෙස ඔබේ ශ්‍රවණය ගුණාත්මකව ඉහළ නැංවීම සඳහාම නිපදවා ඇති හුරුබුහුටි මාදිලි රැසක් අතුරෙන් ඔබට සරිලන පිලිප්ස් ශ්‍රවණ උපකරණය තෝරා ගැනීමට විෂන් කෙයා ශ්‍රවණ විශේෂඥයන් වන අපි ඔබට සහය වන්නෙමු.