ලාෆ්ස් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහරීම් කටයුතු සිදුකරන බව එම සමාගම සඳහන් කරයි.
පසුගිය සති කිහිපය පුරාම ප්‍රමාණවත් ගෑස් තොග මෙරටට ආනයනය කර ඇති අතර, කාර්යක්ෂමව එම ගෑස් තොග හරහා පිරවුම් කටයුතු සිදුකරමින් දිවයින පුරා විසිරි සිටින තම බෙදාහැරීම් ජාලය සහ අලෙවි නියෝජිත ජාලය හරහා පාරිභෝගිකයාට මිලදීගැනීමට ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගම කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙයි.
එමෙන්ම හෝටල් සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය එල්පී ගෑස් තොගද සමාගම සතුව ප්‍රමාණවත්ව ඇති අතර, වාණිජ සහ නිෂ්පාදන ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීමද කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකෙරෙන බවද දැනුම් දෙයි.
එමනිසා කිසිදු අයුරකින් ලාෆ්ස් ගෑස් හිඟයක් පිළිබඳ බියක් පාරිභෝගිකයා ඇති නොකරගත යුතු බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී. තමන්ට ආසන්නම ගෑස් සිලින්ඩර ඇති අලෙවි නියෝජිතවරයා දැනගැනීමට 1345 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කරන ලෙසද ලාෆ්ස් ගෑස් තම පාරිභෝගිකභවතුන් වෙත දන්වා සිටී.