ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානය සාර්ථක ලෙස ඇරඹීම සහ අති සාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric) සැත්කම් 250 ක සන්ධිස්ථානය ඉක්මවා යාම පිළිබඳව ඉතා සතුටින් සහ ගෞරවයෙන් ප්‍රකාශ කරනු ලබයි. මේ පිළිබඳව වූ සමාරම්භක උත්සවය සම්භාවනීය අමුත්තන්, වෛද්‍ය වෘත්තිකයන් සහ මාධ්‍ය ආයතන රැසක සහභාගීත්වයෙන් අප්‍රේල් 6 වන දින පැවැත්විණි.
ලංකා හොස්පිට්ල්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා, මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙත ලඟා වීම සඳහා කැපවීමෙන් සහ වෙහෙස මහන්සි වී වැඩ කළ වෛද්‍ය කණ්ඩායමට සහ කාර්ය මණ්ඩලයට සිය කෘතඥතාව පළ කළේය. “අපගේ නව ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානය සාර්ථක ලෙස සමාරම්භ කිරීම සහ අපගේ සාර්ථක 250 වැනි ශල්‍යකර්මය සිදුකිරීම ලංකා හොස්පිට්ල්ස් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරයි. ජාත්‍යන්තර තත්වයේ සෞඛ්‍ය සේවා සැපයීමට සහ අපගේ රෝගීන්ගේ සෞඛ්‍යය තත්ත්වය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට අපි කැපවී සිටිමු.
ලංකා හොස්පිට්ල්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා තරබාරුකම සහ ඒ ආශ්රිත ආහාර ජීර්ණ සම්බන්ධ ආබාධවලට විසඳුම් සෙවීමේදී ස්ථුලතා පාලන සැත්කම්වල වැදගත්කම අවධාරණය කළේය.“ස්ථුලතා පාලන (Bariatric) සැත්කම් යනු තරබාරුකම සමඟ ගැටළුවලට මුහුණ දෙන රෝගීන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි ජීවිතය වෙනස් කරන වැඩසටහනකි. අපගේ නව ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානය අති නවීන පහසුකම්වලින් සමන්විත වන අතර ඉහළ පළපුරුදු විශේෂඥයින් කණ්ඩායමක් සමඟින් අපගේ රෝගීන් සඳහා හොඳම ප්‍රතිඵල සහතික කිරීමට අපට හැකිවී තිබේ”.
ලංකා හොස්පිටල්ස් ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය තේජන විජේරත්න, එක් එක් රෝගියාට අනන්‍ය වූ සත්කාර ලබාදීමට මධ්‍යස්ථානයේ කැපවීම අවධාරණය කළේය. ලංකා හොස්පිට්ල්ස් හි අපගේ අවධානය සාමාන්‍ය ස්ථුලතා අඩු කිරීමේ සැත්කම් වලින් ඔබ්බට යයි. දිගුකල් පවතින වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර ලබන රෝගීන් වැනි වෙනත් සංකීර්ණ වෛද්‍ය තත්වයන් අත්විඳින රෝගීන් සඳහා අපි වඩාත් අභියෝගාත්මක ස්ථුලතා පාලන සැත්කම් කිරීම ආරම්භ කළෙමු. අපගේ ඉලක්කය වන්නේ අපගේ රෝගීන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා උසස් සත්කාර සහ ප්‍රතිකාර ලබා දීමයි.
නව ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානය සාර්ථකව විවෘත කිරීම සමගාමිව සහ සාර්ථක 250 වැනි ශල්‍යකර්ම කඩඉම අභිබවා යාම රෝගි සත්කාරයේ විශිෂ්ටත්වය සඳහා ලංකා හොස්පිට්ල්ස් හි කැපවීම පිළිබඳ සාක්ෂියක් වන අතරම සහ ශ්‍රී ලාංකික සහ අන්තර්ජාතික රෝගීන්ට ඉහළම ගුණාත්මක සෞඛ්‍ය සේවා සැපයීම සඳහා එහි කැපවීම මනාව පෙන්නුම් කරයි. නව ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානය අති නවීන පහසුකම්වලින් සමන්විත වන අතර, මෙම විශේෂ රෝගීන්ට රෝහලේ අනෙකුත් අංශවලින් සහ පිරික්සුම් කැමරාවලින් සම්පූර්ණයෙන්ම වෙන් කර ඇති විශේෂිත පොරොත්තු ස්ථානයක් ද ඇතුළත් ය. මෙම රැඳී සිටීමේ ප්‍රදේශය රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන එක් එක් රෝගියාට අනන්‍ය රැකවරණයක් සපයමින් සුවපහසු ලෙස නිර්මාණය කර ඇත.
සමාරම්භක උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ලංකා හොස්පිට්ල්ස් ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානයේ ස්ථුලතා පාලන සැත්කම් පිළිබඳව සිය පෞද්ගලික අත්දැකීම් බෙදා ගත්තේය. “මගේ ජීවිතයේ වැඩි කාලයක් මම තරබාරුකම සමඟ ගැටළුවලට මුහුණ දෙමින් සිටියෙමි, නමුත් ලංකා හොස්පිට්ල්ස් ස්ථුලතා පාලන මධ්‍යස්ථානයේ ස්ථුලතා පාලන (Bariatric) සැත්කම්වලට ස්තූතිවන්ත වන්නට, දිගු කාලීන සෞඛ්‍ය ගැටලු සහ අපහසුතාවයන් විසඳා ගැනීමට මට හැකි වී තිබේ. ක්‍රීඩා කිරීමේදී විවිධ ආබාධ නිසා කොඳු ඇට පෙළේ ඇතිවූ බහුවිධ ගැටළු සහ අපහසු ලෙස නිදාගැනීම නිසා (OSA) ඇතිවන ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මා යොමු කළ ගැටළු දැන් සම්පූර්ණයෙන්ම විසඳී තිබේ. අද මා භුක්ති විඳින සෞඛ්‍ය ප්රතිලාභ සැත්කම නිසා ඇතිවූ ප්‍රතිපලයකි එමෙන්ම මා පමණක් නොව මගේ පුතා, දුව සහ දුවගේ ස්වාමිපුරුෂයා පවා ස්ථුලතා පාලන සැත්කම් කර ගැනීමේ ප්‍රතිඵල භුක්ති විඳිති. එය ඇත්තටම අපි හැමෝගෙම ජීවිත වෙනස් කරන සුන්දර අත්දැකීමක්”.
070 353 2090 ඇමතීමෙන් ලංකා හොස්පිටල්ස්හි නව ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානය පිළිබඳ වැඩි විස්තර හෝ වෛද්‍ය හමුවීමක් සඳහා ලියාපදිංචි වීය හැක.