ලංකා බැංකුවේ අභිමානවත් අසූ වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණී.
අසු වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් එළිදැක්වීමද සිදුවූ අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද සිදුවිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසුරිය යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක්ද, ලංකා බැංකුවේ සභාපති රොනඩ්ල් සී. පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

