ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පත්කර ඇති අතර, ඔහු පසුගිය 20දා ලංකා බැකුවේ ප්‍රධාන කාර්යාලයේදී වැඩ භාරගන්නා ලදී.
ලංකා බැකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා ප්රමුඛ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු ලංකා බැංකු කාර්ය මණ්ඩලය විසින් නව සභාපතිවරයාව උණුසුම් ලෙස පිළිගැනුණි.
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් පාසල් අධයාපනය ලබූ ඒ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් LLB උපාධිය ලබා ඇති අතර, එක්සත් රාජධානියේ නොදුම්බ්රියා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ LLM උපාධියද ලබා ඇත.
2012 වසරේදී ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්කෙරුණු ඒ මහතා, මීට පෙර අවස්ථා කිහිපයකදී ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස මෙන්ම, අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.
මූලික අධිකරණවල මෙන්ම, අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කර ලබාගත් පුළුල් පරිචයක් සහිත පළපුරුදු නීතිඥයෙකු වන ඒ මහතා, සිවිල් හා අපරාධ නඩු සහ වාණිජ හා ප්‍රවාහන ගිවිසුම් සැලසුම් කිරීම හා කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් මනා පළපුරුද්ද්ක් සහිත වෘත්තිකයෙකි.
වාණිජ නීතිය, බැංකු නීතිය, කාර්මික නීතිය, වාරණ, අපහාස, මැතිවරණ පෙත්සම්, සිවිල් අභියාචනා, ප්රතිශෝධන අයදුම්පත්, රිට් අයදුම්පත් සහ මූලික අයිතිවාසිකම් ආදී නඩු සම්බන්ධවයන් විශේෂඥතාවක් දක්වන ඒ මහතා, වාණිජ බේරුම්කරණ කිහිපයක් වෙනුවෙන්ද පෙනී සිට ඇත.
රොනල්ඩ් සී. පෙරේරා මහතා, සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස මෙන්ම, ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
එමෙන්ම, ඔහු සීමාසහිත BOC (UK) Limited, Merchant Bank of Sri Lanka & Finance Plc යන ආයතනවල සභාපතිවරයා ලෙසද, ලංකා බැංකුවට අනුබද්ධිත Hotels Colombo (1963) Limited හි වැඩබලන සභාපතිවරයා ලෙසද, ලංකා බැංකුවේ ආශ්රිත සමාගම් වන Mireka Capital Land (Private) Limited සහ Mireka Homes (Private) Limited යන ආයතනවල අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.