ලංකා බැංකුවේ විශ්‍රාමික සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවට අනුබද්ධ පහන් ටැඹ බැබල වූ නිර්මාණ කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් දෙවැනි වරටත් ජනගත කළ සංස්කෘතික හා කලා උළෙල පසුගියදා සාර්ථකව පවත්වා තිබේ.
බස්නහිර දකුණ සහකාර මහා කළමනාකරු සම්පත් පෙරේරා මහතාගේ ප්‍රධාත්වයෙන් නුගේගොඩ ලංකා බැංකු අධිශ්‍රේණි ශාඛාවේ නව ශ්‍රවනාගාරයේදී පසුගියදා මෙම උත්සවය සංවිධානය වී ඇත.
පහන් ටැඹ බැබල වූ නිර්මාණ කේන්ද්‍රයේ සහාපති ප්‍රවීණ කිවිවර, රාජ්‍ය කලාභූශන, සාසනකර්ති - දේශාභිමාණී ඩබ්ලිව්.කේ.සරත් විමලසිරි, අනුසාශක රන්ජිත් මුනසිංහ, ආරාධිත සාහිත්‍යවේදි පී. වීරසිංහ සහ ප්‍රවීණ ලේඛිකා සාගරිකා දිසානායක යන මහත්ම මහත්මීන් මීට සහභාගී වී තිබේ.





