2022 වසරේ මැයි මස මැදදී දෛනික විචලන පරාසය හඳුන්වා දීමෙන් පසුව, සමස්තයක් ලෙස 2022 වසරේ ජූලි මාසයේදී විනිමය අනුපාතිකය අඛණ්ඩව ස්ථාවරව පැවතුණු බව මහ බැංකුව පවසයි.
පෙරේදා (06දා) දිනය දක්වා මෙම වසර තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 44.5%ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ තිබුණද, එය 2022 වසරේ මැයි මස 13දා සිට මේ දක්වා, ඩොලරයට සාපේක්ෂව සුළු අවප්‍රමාණය වීමක් පමණක් පෙන්වා තිබේ.
මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් පසුගිය 6 වැනි දිනය දක්වා මෙම වසර තුළ ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඔස්ට්‍රේලියානු ඩොලරයට සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සැලකිය යුතු අවප්‍රමාණය වීමක් වාර්තා කර ඇත. 2022 ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කරුණු අනාවරණය කරයි.