ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය ඔක්.08දා දක්වා 10.2%කින් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව පවසයි.
තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ.
ජාත්‍යන්තර වශයෙන් ඇමෙරිකානු ඩොලරයෙහි ශක්තිමත් වීම, ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම කෙරෙහි වැඩි වශයෙන් බලපෑ බවද මහ බැංකුව පෙන්වා දෙයි.
අද (10දා) දිනයේදී ඩොලරයේ විකුණුම් මිල සඳහන් වූයේ රු.172.81ක් වශයෙනි.