2019 සැප්තැම්බර් 25 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 0.7%කින් අතිප්‍රමාණය වී තිබේ.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරය හැර අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අතිප්‍රමාණය වී ඇත.
ඒ අනුව, යූරෝවලට සාපේක්ෂව 4.7%ක්, ස්ටර්ලිං පවුම්වලට සාපේක්ෂව 2.5%ක්, ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 4.5%ක්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව 2.2%ක් ලෙස අතිප්‍රමාණය වී ඇති රුපියල, ජපන් යෙන්වලට සාපේක්ෂව 2.2%ක් සහ කැනේඩියානු ඩොලරයට සාපේක්ෂළු 2.1%ක් අවප්‍රමාණය වී තිබේ.