රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 1,109,475 වන අතර මෙම සංඛ්‍යාව තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව හා ගුවන්හමුදාව තුළ සිටින නිල ඇඳුම් දරන කාර්ය මණ්ඩලය ඇතුළත් නොවේ.
2016 නොවැම්බර් මස 17 දින පවත්වන ලද රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳව සංගණනයේ අවසන් වාර්තාව එළිදැක්වමින් ඊයේ (09දා) මෙම තොරතුරු අනාවරණය කෙරිණි.
මෙම මුළු සේවා නියුක්තිකයන් අතරින් 65.3% මධ්‍යම රජය යටතේ වන පත්වීම් දරන අතර 34.7% පළාත් රාජ්‍ය අංශය යටතේ වන පත්වීම් දරයි.
මධ්‍යම රජය හා පළාත් රාජ්‍ය අංශයේ මුළු සේවා නියුක්තිකයින් අතරින් 485,471 රාජ්‍ය අංශයේ ආයතනවලටද 380,198 පළාත් රාජ්‍ය අංශයේ ආයතනවලටද, 243,806 අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවලටද අයත් වේ.
මෙම සංගණන තොරතුරුවලට අනුව මුළු සේවා නියුක්තිකයින්ගෙන් 55.1% පිරිමින් වන අතර, 44.9% කාන්තාවන් වේ.
මධ්‍යම රජය හා පළාත් රාජ්‍ය අංශය ලෙස වෙන වෙනම සැලකූ විට මෙම ප්‍රතිශතයන්හි පැහැදිලි වෙනස්කම් දක්නට ලැබේ. එනම් පළාත් රාජ්‍ය අංශය තුළ කාන්තා සේවා නියුක්තිකයින්61.6% වන අතර මධ්‍යම රජය තුළ බහුතරය (64%) පිරිමින් වේ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා වෙත ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා විසින් මෙම වාර්තාවේ පළමු පිටපත පිළිගන්වන ලදී.